Life
විසල් නොවී රැකගමු – රුව රැකදෙන පියයුරු
කාන්තාවන් රූසපුව පිළිබඳව බොහෝ උනන්දුවන බව නොරහසකි. සාමාන්‍යයෙන් රුපලාවණ්‍ය ලෙස පැවසූ කල්හී බොහෝ දෙනකුගේ මතකයේ රැඳෙන්නේ මුහුණ පමණකි. නමුත් බොහෝ දෙනකුගේ මනසට වදයක් වන පියයුරු ශරීරයේ ප්‍රමාණයට වඩා විශාලවීම පෙන්වා දිය හැක.
පියයුරු යනු ග්‍රන්ථියකි. මෙමගින් දරුවන්ට මව්කිරි දීම ප්‍රධාන කාර්යය වන අතර එය කාන්තාවන්ගේ අනන්‍යතාව ලක්ෂණයකි.
පියයුරු විශාලවීම නිසා ඇතිවන කායික බලපෑම්
නිතර ඇතිවන බෙල්ලේ කැක්කුම
කොන්දේ වේදනාව
උරහිස් වේදනාව
පියයුරුවල බර නිසා පපුවේ බිත්තිවල රිදීම
ඉහත වේදනාවන් ඇති වුවද ඒ සඳහා නිවැරදි හේතුවක් සොයා ගත නොහැකිව නිරන්තරයෙන් මොවුන් වෛද්‍යවරුන් සොයා යාම සිදුවේ.
යම් හෙයකින් ඔබගේ පියයුරුවල වේදනාවක් පවතින්නේ නම් එය පියයුරු අධිවර්ධනය නිසා ඇතිවූවක් නොවන්නේය.
නමුත් විශාල පියයුරු නිසා ඉහත කී රෝග ලක්ෂණ මෙන්ම කොන්දේ හැඩය වෙනස්වීමද සිදුවිය හැක. එමෙන්ම දීර්ඝකාලීනව කොන්දේ වේදනාවක් ඇතිවිය හැක. මෙවැනි කාන්තාවන් හරිහැටි වැටහීමක් නොමැතිව පියයුරුවල විශාලත්වය අඩුවෙන් පෙන්වීම සඳහා (හිරට) ඇඟට තදවන පරිදි බ්‍රසියරයක් ඇඳීමට හුරු වේ. මෙහිදී බ්‍රසියරයේ උරහිස් පටි තදට තිබිම නිසාම කාලයත් සමග උරහිස්වල කානුවක් මෙන් සෑදෙනු ඇත. ඇතැමුන්ගේ උරහිස් මේ නිසාම තුවාල වී තිබේ.
පියයුරු විශාලවීම නිසාම පියයුරුවල යට හා පියයුරු අතර නිරන්තරයෙන් දහඩිය රැඳී පවතී. මේ නිසා පහසුවෙන් දිලීර ආසාදන ඇති වේ. තවද මෙම දිලීර ආසාදන නිසා පියයුරු අතර හා යට නිතර කැසීම සිදුවන අතර කැසීම නිසා කාලයක් ගතවන විට එහි සම ඉතා ගොරෝසු වී කළු පැහැ ගැන්වේ.
තවද විශාල පියයුරු නිසා ව්‍යායාම්වල හා ක්‍රීඩාවල යෙදීමද අපහසු වේ. පියයුරුවල බර මෙයට හේතු වේ.
මෙලෙස විශාල පියයුරු ඇති නිසා බොහෝ දෙනෙකුට වෙළෙඳපොළේ ඇති ඇඳුම් විලාසිතා ඇඳිය නොහැකි වේ. මේ නිසාම විශාල ඇඳුම් ඇඳීමට සිදුවන අතර එම නිසා ශරීරයේ නිසි හැඩයක් ඇඳුම් මගින් ඇති නොවේ.
පියයුරු අධි වර්ධනය වීමට හේතු
ජානමය හේතු
ශරීරයේ බර වැඩිවීම
සිරුර මහත් වූ විටදී පියයුරුද වර්ධනය වේ. එය අධි වර්ධනය දක්වා පැමිණිය හැක.
හෝමෝනමය ගැටලු
මෙම හේතුව නිසා අධි වර්ධනය වන පියයුරු දෙයාකාරයකට දැකිය හැක.
පියයුරු සැබැවින්ම අධි වර්ධනය වීම
මෙහිදී ඇඳුමක් ඇන්දවිටදීද පියයුරු විශාලව පෙනේ.
පියයුරු විශාල වුවද නැතිද පියයුරු කඩා වැටුණු ස්වභාවයකින් දිස්වීම
මෙහිදී පියයුරු පිහිටා ඇත්තේ එය පැවැතිය යුතු ස්ථානයේ නොව බොහෝ කඩා වැටී පහළට එල්ලුන ආකාරයටය.
එවිට බ්‍රසියරයක් නොඇඳ වැඩක යෙදීමට නොහැකි වේ. සාමාන්‍යයෙන් කාන්තාවකගේ පියයුරු පුඩුව පිහිටා තිබිය යුත්තේ බෙල්ලේ සිට සෙ.මි. 20-22 අතර දුර ප්රමාණයකිනි. ඇතැමුන්ගේ ඊට වඩා බොහෝ පහළින් පිහිටයි. මෙසේ වීමට හේතුවක් වන්නේ ගර්භණී සමයේදී මෙන්ම දරුවාට මව්කිරි දෙනු ලබන කාලයේදීත් බ්‍රෙසියරයක් නොඇඳ සිටීමයි. පියයුරුවල කඩා වැටීම නිසා පියයුරුවල උඩ කොටසේ ඉරිතැළීම් (Strech Marks) හට ගත හැක. මේ නිසා බ්‍රෙසියරයක් ඇඳීම අනිවාර්ය වේ.
ගර්භණී භාවය
මෙම කාලයේදී පියයුරු පෙරට වඩා විශාල වේ. ක්‍රමයෙන් මෙම තත්ත්වය අඩුවන අතරෙ ඇතැමුන්ගේ සෑම ගර්භණී වාරයකදීම පියයුරු විශාල වී අධි වර්ධන තත්ත්වයට පත් වේ.
මෙය පාලනය කිරීම සඳහා ශරීරයට ගැළපෙන බ්‍රසියරයක් නිරන්තරයෙන් ඇඳ සිටිය යුතුය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය
සතිශ් විජේමාන්න
සටහන –
දුලානි ජයතිස්ස
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks